Press "Enter" to skip to content

බිරිඳ ව භූමිතෙල් දමා ගිනි තැබු සැමියෙක්

පුවරසන්කුලම් පොලිස් වසමේ කට්පගපුරම් ප්‍රදේශයේ දී සැමියා හා බිරිඳ ඇති වු පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

සැමියා විසින් බිරිඳ තල්ලු කිරීමේ දී වැටී ඔලුව වැදී සිහිසුන්ව තිබේ.

පසුව සැකකරු විසින් කාන්තාවගේ ශරීරයට භූමිතෙල් යොදා ගිනි තබා පළා ගොස් ඇත.

කාන්තාවගේ පුතා සහ අසල්වැසියන් පැමිණ ගින්න නිවා දමා තිබේ.

ඒ වන විටත් පිළිස්සීමෙන් කාන්තාව ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වු එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මෘත ශරීරය මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ සඳහා වව්නියාව රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 46 හැවිරිදි මියගිය කාන්තාවගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (15) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

More from GossipMore posts in Gossip »