Press "Enter" to skip to content

විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තැබූ වාර්තා

වැඩිම ලකුණු ලාභියා – මහේල ජයවර්ධන 

ඔහු තරඟ 31කදී ලකුණු 1,016ක් රැස්කර ඇති අතර ක්‍රිස් ගේල් ලකුණු 920ක් රැස්කර තිබේ.

වැඩිම කඩුලු ලාභියා – බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන් 

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි වලදී ඔහු කඩුලු 30ක් දවාගෙන තිබේ.

වැඩිම තරඟ ජයග්‍රහණ – ශ්‍රී ලංකාව 

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 35කින් තරඟ 22ක් ජයගෙන තිබේ. එසේම විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය ට තෙවරක් සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම වේ. 2014 දී ජයග්‍රහණය කිරීමටද ඔවුන් සමත්විය.

හොඳම පන්දු යැවීම – අජන්ත මෙන්ඩිස් 

ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට කඩුලු 6ක් දවාගැනීම මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි වලදී වාර්තා වී ඇති හොඳම පන්දු යැවීම වෙයි. එම වාර්තාව පිහිටවූයේ 2012 වසරේදී හම්බන්තොට දීය.
 
ළාබාලතම ක්‍රීඩකයා – පාකිස්තානයේ අමීර් ඛාන් 

2009 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට එක්වන විට ඔහුගේ වයස අවුරුදු 17 යි දින 55කි.

පළමු පන්දුව යැවූ ක්‍රීඩකයා – ෂෝන් පොලොක් 

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වූයේ 2007 වසරේදීය. එහිදී පළමු පන්දුව යැවීමේ ගෞරවය හිමිව ඇත්තේ ෂෝන් පොලොක් ටය.