Press "Enter" to skip to content

දරුවන් අතර භයානක රෝගයක් පැතිරේ – දැනටමත් 4ක් මැරිලා

නෝනාවාට්ටුවේ දැඩි සත්කාර ඒකකය පිරෙයි

කොවිඩ් වෛරසය අසාදනය වී සුවය ලබා සති 2ත් 6ත් අතර කාලයේදී දරුවන්ට වැළඳෙන මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම් (Multisystem inflammatory syndrome in children) තත්ත්වය යළිත් වැඩිවෙමින් තිබෙන අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පමණක් මේ වන විට එම රෝගී තත්ත්වය සහිත දරුවන් 78කට ප්‍රතිකාර කර තිබෙන බවත් ඉන් 04 දෙනෙක් මිය ගිය බවත් එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසුවා.

කිතුල්වත්ත මහතා මේ බව සඳහන් කළේ මේ ගැන මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

මේ වන විටත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විවිධ වාට්ටු තුළ මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම් රෝගය වැළඳුනු දරුවන් 150කට පමණ ප්‍රතිකාර කර තිබෙන බවයි ඔහු කියා සිටියේ.

කොවිඩ් ආසාදනය වූ වයස 21ට අඩු දරුවන් අතර මෙය ලොව පුරා රැල්ලක් මෙන් පැතිරෙමින් තිබෙන බවද කිතුල්වත්ත මහතා සඳහන් කළා.