Press "Enter" to skip to content

වේගෙන් පැතිරෙන තවත් වසංගතයක් නිසා මිනිස්සු ගමක් අතහැර යයි

වේගෙන් පැතිරෙන තවත් වසංගතයක් නිසා මිනිස්සු ගමක් අතහැර යයි

හබරණ හිරිවඩුන්න ඉඳිගස්වැව ගම්මානයේ මිනිසුන් මේ වන විට ක්‍රමයෙන් ගම්මානය අතහැර යමින් සිටී. ඒ සුදු හැකරැල්ලෝ විශේෂයක් දිවා රාත්‍රී කාලයේ ගම ආක්‍රමනය කරමින් සිටින නිසායි.

මීට දින කිහිපයකට පෙර මෙම හැකරැල්ලන් එකා දෙන්නා ප්‍රධාන මාර්ග සහ මිදුල් වල දැක ගැනීමට හැකි වූ අතර මේ වන විට හැකරැලි ගහනය ලක්ෂ ගණනින් වැඩිවී නිවෙස්තුළ, ළිං තුළ, වගා බිම් වල, ගස් උඩ හා නිවෙස්වල වියලා ගැනිම සඳහා යොදා ඇති ලොකුළුණු වල තුඩු දෙමින් සිටී.

මේ හේතුවෙන් බොහෝ පිරිස් තම දරුවන් සමග වෙනත් ප්‍රදේශවල ඥාතීන් නිවෙස් වලට පිටව ගොස් ඇත.