Press "Enter" to skip to content

පිළිකාවට නොබියව මුහුණ දෙන්න රටට කියාදුන් චතු මුණසිංහ දිවි ගමනට සමුදෙයි

පිළිකාවට එරෙහිව තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීම හරහා මෙරට ප්‍රසිද්ධියට පත්වූ තරුණ නිරූපන ශිල්පීනියක් වන උදාරි චතුරිකා මුණසිංහ අද සිය ජිවන ගමනට සමුදුන්නා.

චතු මුණසිංහ ලෙස හඳුන්වනු ලබන ඇය මිට මාස කිහිපයකට පෙර යුටියුබ් නාලිකාවක් හරහා ඇයගේ කතාව ප්‍රසිද්ධියට පත් කළ අතර ඒ සමගම එය රට තුළ ඉක්මනින් ව්‍යාප්ත වුවා.

පිළිකා රෝගී තත්ත්වය හමුවේ මානසිකව බිඳ නොවැටී ජිවිතයට මුහුණදීම සම්බන්ධයෙන් ඇය මෙහිදී සාකච්ජා කළ අතර වර්ථමානයේ පිළිකා රෝගයෙන් පෙලෙන බොහෝ දෙනෙකුට ශක්තියක් විය.

වයස අවුරුදු 34 වූ ඇය අන් අයගේ මානසිකත්වය වර්ධනය කරන කථිකාවරියක් වූ අතර පිළිකා රෝගය සහ ඔවුන්ගේ මානසික සුවතාවය සම්බන්ධයෙන් ඇය මෙහිදී බොහෝ දෙනා දැනුවත් කිරිමට කටයුතු කළා.

පිළිකා රෝගයට ගොදුරුව සිටියදීම ඇය මිට මාස කිහිපයකට පෙර කොවිඩ් -19 වෛරසයට ගොදුරු වූ අතර පසුව ඉන් සුවය ලැබුවා.

ඉතා ධෛර්ය සම්පන්න තරුණියක් වූ ඇය අවසානයේදී පිළිකා රෝගය හේතුවෙන් ජිවන ගමනට සමුදෙන විට 34 හැවිරිදි වියේ පසුවූ අතර, දරු දෙදෙනෙකුගේ මවක් ද වුවා.

More from GossipMore posts in Gossip »