Press "Enter" to skip to content

පොලිස් ඉතිහාසයේ මුල්වරට අඹු-සැමි දෙපළ නි. පොලිස්පති ධූරවල

පොලිස් ඉතිහාසයේ මුල්වරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස රාජකාරි කිරීමට අඹුසැමි යුවළකට හැකියාව ලැබී ඇත.

ඒ, නියෝජ්‍ය පොලිස්පති ශිරානි සෙනෙවිරත්න හා ඇගේ සැමියා වූ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න යන දෙදෙනාට ය.

ශිරානි සෙනෙවිරත්න ඉකුත් දින නව නියෝජ්‍ය පොලිස්පතිවරියක ලෙස උසස්වීම් ලැබීමත් සමඟ ඔවුනට මේ භාග්‍යය උදා වී ඇත.

ශිරානි 1987දී පොලිස් සේවයට එක්වූ අතර මහින්ද 1988දී පොලිසියට බැඳිනි.

දෙදෙනා ම පොලිසියට එක්වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස ය. එමෙන් ම, දෙදෙනාගේ මුල් ම පත්වීම ලැබුණේ ද එවකට එන්.අයි.බී ලෙස හැඳින්වූ රහස් තොරතුරු කාර්යාංශයට ය.

ශිරානි නියෝජ්‍ය පොලිස්පති තනතුර ලැබෙන තෙක් සේවය කළේ, රාජ්‍ය බුද්ධි සේවයේ ය. මහින්දද කලක් තිස්සේ එම බුද්ධි සේවයේ රාජකාරි කළ අතර ඔහු මේ වන විට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරනු ලබයි.

ජාතික ආරක්ෂක තොරතුරු කාර්යාංශයේදී දැන හඳුනාගෙන විවාහ දිවියට එළඹුණු මොවුන්ට දරුවන් දෙදෙනෙක් වෙති.

More from GossipMore posts in Gossip »