Press "Enter" to skip to content

අතුරුදන් පාසල් සිසුවියගේ සිරුර පාළු නිවසකින් හමු වෙයි

මීට දින තුනකට පෙර අතුරුදන් වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවියගේ මළ සිරුර දඹුල්ල කලෝගහඇළ ප්‍රදේශයේ පාළු නිවෙසක තිබී හමු වූ බව පොලිසි කියයි.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල අතුපාරයාය පදිංචි බුද්ධිනී පියුමාලි නැමැති කන්දලම් ඩි.එස් සේනානායක විදුහලේ 09 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

මෙම දියණිය දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි හිතවත් පවුලක හත් හැවිරිදි දැරියක සහ ඇයගේ සුළු පියා යතුරු පැදියකින් පැමිණ මෙම මිය ගිය දැරිය අතුපාරයාය ප්‍රදේශයට කැඳවාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

එසේ එක්කරගෙන ගිය දියණිය දින දෙකක් නිවසට නොපැමිණීම නිසා සොයා බැලුවත් හමු නොවූ නිසා ඒ සම්බන්ධයෙන් ඇගේ මව වන එච්.ඒ.චන්ද්‍රා ජයසේකර යන අය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියේ වැඩ බලන මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක. එච් .එම්.එස්.කරුණාතිලක මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අතර දඹුල්ල කලෝගහඇල ප්‍රදේශයේ පාළු නිවසකින් දුගඳක් හමන බවට පොලිසියට තොරතුරු ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇත.

පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී යම්කිසි අයකුගේ මළ සිරුරක් ඇදක් මත ඇති බව සැකයට බදුන් වීමත් පසුව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත එම නිවසේ දොරගුළු කඩා පරික්ෂා කර ඇත.

වැඩ බලන මහේස්ත්‍රාත් එම් . ඒ .අමානුල්ලා මහතා ඇතුළු කණ්ඩායමක් ස්ථාන පරීක්ෂා කර බැලීමේදී එම පාළු නිවසේ ඇඳක් මත රෙදි කැබලිවලින් ඔතා තිබූ අතුරුදන් වූ දැරියගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.

දැරියගේ සිරුර පරීක්ෂා කිරීමේදී ඇයගේ උඩුකය සහ ඇඳුම් සිරුරෙන් ඉවත් කර තිබූ බව පොලිසිය කියයි.

පොලිසිය කඩිනමින් මෙම දියණිය කැදවාගෙන ගිය බව කියන පුද්ගලයා පිළිබඳව සොයා බැලීමට ඔවුන් පදිංචි නිවෙසට ගියද ඔහු සහ බිරිඳ, දියණිය ප්‍රදේශයෙන් අතුරුදහන් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »