පෙරේදා (07) පැය 4කට ආසන්න කාලයක් තිබූ විශේෂ කැබිනට් රැස්වීම ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමතිවරු හැටියට ඔය අයගෙනුත් අඩුපාඩු සිදු වෙන්න ඇති. අපි ඒ පිළිබඳව ස්වයං විවේචනයක් සහිතව ඉස්සරහට යමු.” යැයි යෝජනා කර තිබේ.
අනවබෝධයන් මෙන්ම අඩුපාඩු මඟහැර ගැනීමට කටයුතු කරමු යැයිද එහිදී ජනාධිපතිවරයා මන්ත්‍රී මණ්ඩලයට යෝජනා කර ඇත.
ජනපතිගේ එම දේශනයෙන් පසුව දෙවනුවට කතාව ආරම්භ කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා “අපෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඒ නිසා හිත් රිදවීම් වෙන්න ඇති. ජනාධිපතිතුමා කිව්වා වගේ අපි ඒ සියල්ල අමතක කරලා එක කණ්ඩායමක් හැටියට ඉස්සරහට යමු” යැයි යෝජනා කර තිබේ.
ඒ කතාවට හූ මිටි තැබූ අමාත්‍ය විමල් වීරවංශ මහතා ද “ඔව් ජනාධිපතිතුමනි, අපෙනුත් වැරදි අඩුපාඩු වෙන්න ඇති. කොවිඩ් වසංගතය සහ පැවති තත්ත්වයන් එක්ක හැමෝම හිටියේ කලබල වෙලා.” යනුවෙන් පැවසීම සභාව තරමක් විපක්ෂිප්ත කළ බවද පැවසේ.
කෙසේවුද, ඩලස් අලහප්පෙරුම හා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරුන් අදහස් දක්වමින් කැබිනට් සාකච්ඡාව දැන් ඉතා හොඳ තැනකට පැමිණ ඇති බවත්, සම්පූර්ණ ජවයෙන් ඉදිරි අවුරුදු තුන වැඩ කිරීමට එහිදී සියල්ලෝ එකඟ විය යුතු යැයි පවසා තිබේ.
source – srilankamirror.com
Published in Political