Press "Enter" to skip to content

ගමක්ම අල්ලගෙන එන්නතක් අත්හදා බලයි

සැබෑ ලෝකෙදී වෛරසය වැඩ කරන විදිහ බලන්න කරන්න යන වැඩේ

ෆයිසර් සමාගම විසින් කොරෝනා මර්ධන එන්නතේ සාර්ථකත්වය මැන බැලීමට බ්‍රසීලයේ ගම්මානයක් සම්පූර්ණයෙන් එන්නත්කරනය කිරීමට තීරණය කර තිබේ.

බ්‍රසිලයේ මෙම ගම්මානයේ වයස අවුරුදු 12ට ඉහළ එක්ලක්ෂ හතලිස් තුන් දහසකට මෙම එන්නත් ලබාදීමට නියමිතය.

මේ මගින් එන්නත සැබෑ ලෝකයේදී කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන ආකාරය අධ්‍යනය කිරීම අරමුණ බව ෆයිසර් සමාගම කියයි.

පසුගිය කාලය පුරාම කොරෝනා වෛරසයෙන් බ්‍රසීලය දැඩි බලපෑමකට ලක්වූ අතර ලක්ෂ හයකට ආසන්න පිරිසක් වෛරස හේතුවෙන් මරණයට පත්ව ඇත.