Press "Enter" to skip to content

‘මාස්ක්’ කෝ ඇසූ විට උස්සලා පොළවේ ගහලා


පලාගිය සැකකරුවන් අල්ලන්න  මීගොඩ පොලිසියෙන් විමර්ශන

මුව ආවරණ නොපැළඳි පුද්ගලයකුගෙන් ඒ පිළිබඳව විමසීමේදී කෝපයට පත්වූ එම පුද්ගලයා තවත් අයකු සමග එක්ව මීගොඩ ඉන්ධන පිරිවුම් හලක සේවකයකුට අමානුෂික ලෙස පහරදී ඔහු ඔසවා පොළොවේ ගසා තුවාල කර පලා ගොස් ඇත.

‘මාස්ක්’ කෝ ඇසූ විට  උස්සලා පොළවේ ගහලා

ඊයේ (06 වැනිදා) අලූයම 6.00 ට පමණ සිදුවූ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මීගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙහිදී පහර කෑමට ලක්ව තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හල් සේවකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.


මෙම සිද්ධිය වූ ඉන්ධන පිරවුම්හලේ සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මීගොඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් පි‍්‍රයන්ත මහතාගේ අධීක්‍ෂණයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් විමර්ශනවලින් හෙළි වූ අන්දමට ඊයේ අලූයම 6.00 ට පමණ මීගොඩ නගරයේ ඉන්ධන පිරවුම් හලක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඉන්ධන ලබාගෙන තිබේ.

එසේ පැමිණි එක් අයකු මුව ආවරණ පැළඳ නොසිිටි නිසා සේවකයකු ඒ පිළිබඳව විමසා ඇත.

එහිදී කෝපයට පත්වූ එම පුද්ගලයන් දෙදෙනා ඉන්ධන පිරවුම්හල් සේවකයාට අමානුෂික ලෙස පහරදී ඔහු ඔසවා පොළොවේ ගසා තිබේ. ඒ අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ සිටි අනෙක් සේවකයාට ද මෙම පුද්ගලයන් දෙදෙනා පහරදී පසුව පලා ගොස් ඇත.

මෙම පහර දීමේ සිද්ධියට සම්බන්ධ කිසියම් තොරතුරක් වෙතොත් 0718592179 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස මීගොඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් පි‍්‍රයන්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හේමන්ත රන්දුණු

More from GossipMore posts in Gossip »