Press "Enter" to skip to content

ලෝ ප්‍රකට බ්‍රිතාන්‍යයේ බීබීසීයත් යොහානිත් එක්ක කතා කරයි! නමකුත් පට බඳී!

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව වසඟ ගත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි සමඟ බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කළ සම්මුඛ සාකච්ඡාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ ද පළ වී තිබේ.

එම සම්මුඛ සාකච්ඡාව ඇතුළත් වීඩියෝ දසුන් ද බීබීසී පුවත් වෙබ් අඩවියේ දකින්න ලැබෙන අතර, එම වීඩියෝ දසුන් සහ යොහානි සම්බන්ධ පුවත පළ කර ඇත්තේ ‘හදවත් දිනූ ශ්‍රී ලාංකික ගායිකාව’ යන සිරස්තලය යටතේය.

අන්තර්ජාලය හරහා ඉන්දියානුවන් වසඟ කළ ඇගේ ගායනයට බොලිවුඩ් සුපිරි තරු නර්තනයේ යෙදෙන බවත් එහි සඳහන් වෙයි.

ප්‍රතිනිර්මාණය කර ගැයුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මෙතරම් පෙරළියක් කරනු ඇතැයි තමන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බව සම්මුඛ සාකච්ඡාව අතරතුරේ යොහානී පවසා තිබේ.

More from GossipMore posts in Gossip »