නිරෝධායන උපදෙස් කඩකරමින් පැවති මංගල උත්සවයක් පිළිබඳව මුන්දලම ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වී තිබේ.
ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට පැමිණ පිරිසට අවවාද කර තිබුණි.
පසුව, සාදයට පැමිණ සිටි 100ක පිරිසක් සමග මනාල යුවල ද නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ විවාහ උත්සවය පැවත්වීම සඳහා අවසරයක් ද ගෙන නොමැති බවය.






