Press "Enter" to skip to content

මසක් වයසැති බිළිදය පොරොවෙන් කොටා මැරු ගුරු මව

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ මාස 01 යි දින 20 ක බිළිදියකට සිය මව විසින් පොරොවෙන් කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

සිය බිළිදිය මරා දැමීමෙන් පසු ඇය ගල්නෑව පොලිසිය වෙත ගොස් භාර වී තිබෙනවා.

ඇය 30 හැවිරිදි වියෙහි පසුවන අතර ඇය උපාධිධාරී ගුරුවරියක වීමද විශේෂත්වයක් වෙනවා.

ඇය මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසු වෙන අතර ඇයව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී ඇයගේ මානසික තත්ත්වය ගැනද පරීක්ෂා කිරීමට පොලිසිය බලාපොරොත්තුවෙන් සිටිනවා.

බිළිදියගේ මෘත දේහය අනුරාධපුර රෝහලේ තැම්පත් කොට තිබෙනවා.

More from GossipMore posts in Gossip »