ඩුබායිහි පැවැත්වෙන World Expo Dubai 2020 ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා යොහානි ද සිල්වා ගායන ශිල්පිනිය, සන්නාම තානාපතිනිය ලෙස පත්කිරීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කිරීමට සූදානම් කර තිබේ.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට මේ බව දැනුම් දී ඇත.
එළඹෙන වසරේ ජනවාරි 3 වන දින පැවැත්වීමට නියමිත Global Festival හි ශ්‍රී ලංකාවේ ජාතික දින සැමරුම් විශේෂාංගයේ කොටසක් ලෙස යොහානි සමග සංස්කෘතික විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී දැනුම්දී තිබේ.
තව ද යොහානි විසින් පද රචනය කර ගායනා කරනු ලබන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරන සංගීත වීඩියෝවක් ඉදිරියේදී එළිදැක්වීමට සූදානම් කර ඇති බව ද ඔහු පවසා ඇත.






