කොවිඞ් 19 ආසාදනය වී මාස 6 ක් යනතුරු පවතින රෝග ලක්ෂණ නවයක් පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ෙසෙල ජෛව විද්‍යා ඒකකයක් මගින් සිදුකරන ලද නවතම පරීක්ෂණයකින් හඳුනාගෙන තිබේ.
එම ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් සටහන් කර තිබුණේ මෙම රෝග ලක්ෂණ කාන්තාවන් අතරේ බහුලව දක්නට ලැබෙන බවය.
අසාමාන්‍ය ශ්වසන අපහසුතා, කාංසාව, විශාදය, පපුවේ වේදනාව, උගුරේ වේදනාව, හිසරදය, මාංශ පේශිවල වේදනාව, උදරයේ වේදනාව, සංජානන ගැටලූ යන රෝග ලක්ෂණ 9 ක් මෙලෙස හඳුනාගෙන තිබේ.
කොවිඞ් ආසාදනය වී සුවය ලැබූවන් අතරින් සියයට 15 ක් පමණ කාංසාව සහ විශාදය වැනි රෝග කාණ්ඩ වලින් පෙළෙන බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා එම ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Published in Health
More from HealthMore posts in Health »