Press "Enter" to skip to content

නිරෝධායන ඇඳිරි නීතිය නිසා නැවතුණු පෙම

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු පෙම්වතිය පෙම්වතාට බෑ කියයි

වසර 9ක් පැවැති ප්‍රේම සම්බන්ධය නතර කිරීමට පෙම්වතිය විසින් යෝජනා කිරීම හේතුවෙන් පෙම්වතියගේ අත කපා තුවාල සිදුකළ බව කියන තරුණයකු මෙ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ මොහොමඩ් පස්මින් නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු ගාල්ල නගරයේ පිහිටි දුරකතන ආයතනයක සේවය කරන වඳුරඹ ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇත.

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඉකුත් 1 වැනිදා ඔවුන් තල්පෙ ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගොස් ඇති අතර, එහිදී පෙම් සබඳතාව නතර කිරීමට තරුණිය විසින් යෝජනා කර ඇත.

එම අවස්ථාවේ කෝපයට පත් සැකකරු පිහි තලයකින් ඇයගේ අත කපා තුවාල සිදුකර ඇති බවත් ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »