Press "Enter" to skip to content

යළිත් සංචරණ සීමා..?- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

සංචරණ සීමා ලිහිල් කර ඇති පසුබිමක ව සෞඛ්‍ය මාර්ගඋපදේශ නොතකා කටයුතු කරන්නේ නම් අකමැත්තෙන් වුවද නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනතාව ඉතා ‍ප‍්‍රවේශමෙන් කටයුතු නොකළහොත් නැවතත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත් එවිට 15 වැනිදා පූර්ණ රට විවෘත කිරීමට යා හැකි වේදැයි කිව නොහැකි බවත් ඒ මහතා පැවසුවේය.

ඒ හේතුවෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ තරයේම පිළිපදින්නැයි තමන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

More from GossipMore posts in Gossip »