ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලගේ අහිමි වීම විශාල පාඩුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි එළඹෙන ලෝක කුසලානය සම්බන්ධව සිය අදහස් දැක්වූ අතර නම්‍යශීලීව කටයුතු කළ යුතු බවත්, ඔහු පවසයි
“පන්දුවට පහර දීම පිළිබඳව අපි වෙහෙස මහන්සි වී වැඩ කළා. මම හිතන්නේ පිතිකරණය හොඳින් සිදුකලහොත් අපිට අවස්ථාවක් තබෙනවා. මොකද අපේ පන්දු යැවීම හා පන්දු රැකීම හොඳින් තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල නොමැති වීම විශාල පාඩුවක් නමුත් අපි එමඟින් චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක වැනි අය සොයා ගත්තා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
Published in Sports
More from SportsMore posts in Sports »