Press "Enter" to skip to content

වරායේ කෝටි 4 ක මාස්ක් මගඩියක්

වරාය අධිකාරියේ සේවකයන් සඳහා ලබාදෙන මුව ආවරණ මිලදී ගැනීමේදී රුපියල් කෝටි 04 ක පමණ අක්‍රමිකතාවක් සිදුව ඇතැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානන්ද මහතා පැවසීය. වෙළෙඳපොළේ රුපියල් 07 ක් වැනි මිලකට ගත හැකි මුව ආවරණ වරාය අධිකාරියේ බලධාරීන් විසින් රුපියල් 40 ක් වැනි මිලකට ලබා ගැනීම නිසා මෙම අක්‍රමිකතාව සිදුවී ඇති බව ද ඒ මහතා කීවේය.


මෙම මුව ආවරණ මසකට ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර මිලදී ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන බව ද ගොරකානන්ද මහතා සඳහන් කළේය.

 (දිවයින)

More from GossipMore posts in Gossip »