ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සාර්ථක වන්නේ නම් ලෝක කුසලාන තරගාවලියේදී ජයග්‍රහණ කරා යාමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇතැයි පුහුණුකරු මිකී ආතර් මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය බලා පිටත්ව යාමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මිකී ආතර් මහතා එසේ කියා සිටියේය.
“මා හිතන්නේ අපේ පිතිකරුවන් සාර්ථක වෙනවා නම් එයින් අපට (ජයග්‍රහණ කරා යාමට) හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද අපේ පන්දු යැවීමේ අංශය ඉතාමත් ප්‍රබලයි. ඒ වගේම අපේ පන්දු රැකීමේ තත්ත්වයත් පසුගිය කාලයේදී හිතාගන්න බැරි තරමට දියුණු වෙලා තියෙනවා” යයි ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මිකී ආතර් මහතා පැවසීය.
“ඒක (පන්දුවට පහරදීම) ගැන තමයි අපි පසුගිය දවස් 9 දීම ඉතාමත් විශාල අවධානයක් යොමු කළේ”
“අපේ ක්‍රීඩකයන් පුහුණුවීම් වලදී කළ යුත්තේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි ඉතාමත් පැහැදිළි ස්ථාවරයක ඉන්නේ… ඒ සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිළි දියුණුවක් ලබාගෙන තියෙන බවට මා ඉතා තදින් විශ්වාස කරනවා…, ඒ කෝක වෙතත්, ඒක තවමත් ක්‍රියාත්මක වන වැඩසටහනක්… මෙතන මැජික් යෂ්ඨීයක් නම් නෑ” යයිද මිකී ආතර් මහතා පැවසීය.