Press "Enter" to skip to content

පෙම් සුව විඳිමින් සිටි යුවළව වීඩියෝගත කළ මිත‍්‍රයා පෙම්වතියව යාළුවගෙන් ඉල්ලගෙන අපයෝජනය කරලා

දෙමාපියන්ට හොරෙන් රාතී‍්‍ර කාලයේ නිවසින් පිටවූ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් තම පෙම්වතා සමග පෙම් සුව විඳිද්දී එම සිදුවීම වීඩියෝගත කළ මිත‍්‍රයා පෙම්වතිය ඉල්ලාගෙන නැවත අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් අවුරුදු 17 හා 18 යන වයස්වල පසුවන අයයි. පොලිසිය පවසන පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය.

අදාළ දැරිය රාතී‍්‍ර කාලයේ දෙමාපියන්ට හොරෙන් නිවසින් බැහැර වී තම පෙම්වතා හමුවී ඇත. ඉන් පසුව මෙම තරුණයා විසින් දැරියව ඒ අසල කැලෑබද ප‍්‍රදේශයකට කැඳවාගෙන ගොස් තිබේ. එලෙස පෙම්සුව විඳිනු දැක ඇති අදාළ තරුණයාගේ මිතුරෙක් මෙම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබේ. ඉන් පසුව පෙම් යුවළ බියගන්වා ගමේ අයට මෙම ඡායාරූප පෙන්වන බව පවසා පෙම්වතිය තරුණයාගෙන් ඉල්ලා තිබේ. එහිදී බියවූ තරුණයා පෙම්වතිය මිත‍්‍රයට භාරදී ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

ඉන් පසුව පසුදා මිතුරා විසින් එම බාලවයස්කාර දැරියගේ නිවස අසල තරුණයකුට එම ඡායාරූප ලබාදී ඇත. එම තරුණයා විදේශගතව සිටි තමාගේ මව වෙත එම පින්තූර වට්ස්ඇප් කර තිබේ. ඉන්පසු එම කාන්තාව එම ඡායාරූප දැරියගේ වැඩිමහල් සොයුරාගේ ජංගම දුරකථනයට යවා තිබේ.

පසුව දැරියගේ මව මේ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. මේ පිළිබඳව කුරුණෑගල පොලිස් අධිකාරි (I) දියකෙලිනාවල මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් ස්ථානාධිපති පො.ප. එච්. ආර්. ආර්. ගුණරත්, නියෝජ්‍ය ස්ථානාධිපති පො. ප. වයි. එම්. ජේ. කුලසිං, පොලිස් සැරයන් (27406* බණ්ඩාර” කාන්තා පොලිස් සැරයන් කේ. ඒ. සුනීතා ජයසිංහ පරීක්‍ෂණ සිදු කරති.

මාවතගම

More from GossipMore posts in Gossip »