Press "Enter" to skip to content

19 හැවිරිදි රියැලිටි ගායක තරුවක් පාසැල් දැරියක් බරපතළ ලෙස අපයෝජනය කරලා

පහළොස් හැවිරිදි පාසැල් දැරියක තම නිවසේදීම බරපතළ අපයෝජනයකට ලක් කොට ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් උසස් පෙළ හදාරණ 19 හැවිරිදි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මේ දිනවල රුපවාහිනියේ විකාශනය වෙමින් පවතින ප‍්‍රසිද්ධ සංගීත වැඩ සටහනකට තරග වදිමින් සිටින තරුණයකු බව පරීක්ෂණ කටයුතුවල දී අනාවරණය වී තිබේ. දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණය සඳහා රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවල මහතාගේ මෙහෙයවීම මත ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් පතිරණ සහ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි ප‍්‍රදීපා ලක්මාලි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් නිලධාරි පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බී. ටී. කේ. – ජාඇල අතිරේක
source – divaina.lk

More from GossipMore posts in Gossip »