Press "Enter" to skip to content

යොහානිගේ බලාපොරොත්තුව

ඉදිරියේ දී තමන්ගේ ම නව ගීතයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා මෙනවිය පවසන්නීය.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන ZEE Tv සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

ප්‍රශ්නය – ඔබ කවද්ද හිතුවේ අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත් වගේ තරුවක් වෙයි කියලා. හැමෝම ඔබේ ගීතයට නර්තන ඉදිරිපත් කරලා තිබ්බා

. කවද්ද දැනගත්තේ මගේ ගීතය ප්‍රසිද්ධ වුණා කියලා?

“මම නිවැරදි නම් ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23 විතර වනවා. මේ ගීතය මිලියන 20 ඉක්මවද්දී මම හිතුවා ශ්‍රී ලංකාවට ලොකු දෙයක් කියලා. නමුත් මේ ගීතය ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට ගිහින් මිලියන 20 ඉක්මවා ගියාම මම උන්මාදයට පත්වුණා.”

ප්‍රශ්නය – ඔබේ රසිකයින්ට දෙන පණිවිඩය මොකක්ද?

“හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මගේ සංගීතයත් සමඟ ඉන්න. ඉදිරියේදී මම ඇල්බමයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ අලුත් ගීතයක් ඉක්මනින්ම නිකුත් වනවා. මගේ සංගීතයට උදව් කරන්න.ගොඩාක් ස්තූතියි.”

More from GossipMore posts in Gossip »