Press "Enter" to skip to content

කොවිඩ් හැදුනු සැමට සුව කළ නොහැකි ලෙඩක් හැදෙයි

කොවිඩ් ගැන විදෙස් මාධ්‍ය හෙළිදරවු කළ අසුබම ආරංචිය මෙන්න

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ විට අග්න්‍යාසයේ සෛල ක්‍රියාකාරිත්වයේ පරිවර්තනයක් සිදු වන බවට මෑත කාලීන අධ්‍යයන කිහිපයකින් පර්යේෂකයින් විසින් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් ආසාදනය වීමෙන් පසු සෛලවල ක්‍රියාකාරිත්වය අඩපණ කරනවා මෙන් ම ඒවායෙහි ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි බව පර්යේෂකයින් සොයා ගෙන තිබේ.

COVID-19 can infiltrate insulin-producing cells in the pancreas, study  suggests | Live Science

අග්‍න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛල මෙම වෛරසයට ගොදුරු වූ විට ඒවායෙහි ඉන් පෙරට වඩා අඩුවෙන් ඉන්සියුලින් නිපදවන බව හඳුනාගෙන තිබෙන බව පර්යේෂකයින් සඳහන් කරයි.

ඊට අමතරව ඒ සම්බන්ධයෙන් පර්යේෂකයින් හඳුනාගෙන ඇති තවත් කරුණක් වන්නේ අග්න්‍යාසයේ එම සෛලවලට අයත් කාර්යයක් නොවන ග්ලූකෝස් සහ ආහාර ජීර්ණ එන්සයිම නිපදවීම ද සිදුවන බවය.

මෙය සෛලවල ඉරණමේ වෙනසක් ලෙස මේ සම්බන්ධ පර්යේෂණයේ නායකත්වය දරන ආචාර්ය ෂූයිබිංග් චෙන් හඳුන්වා තිබේ.

කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ට ටික කලකින් දියවැඩියා රෝගය වැළඳී ඇති බව ආචාර්ය චෙන් පවසයි.

COVID-19 Can Infect Cells in Pancreas That Make Insulin: Study

එම නිසා අලුතින් ඇති වන දියවැඩියා රෝගීන්ගේ අනුපාතය විමර්ශනය කිරීම නිසැකව සිදු විය යුතු බව චෙන් පවසා ඇත.

මේ වන විට චෙන් ඇතුළු කණ්ඩායම පෙනහලු, අක්මාව, බඩවැල් සහ ස්නායු පද්ධතිය ආදී කුඩා අවයව සෑදීමට මූලික ⁣සෛල පොකුරු සම්බන්ධයෙන් කොවිඩ් වෛරසයෙහි ක්‍රියාකාරීත්වය අත්හදාබැලීම් සිදු කරමින් පවතී.

එම පර්යේෂණවලදී පෙනහලු පටකවල ද සෛල ඉරණම හෙවත් ක්‍රියාකාරිත්වය නැතිවීම සිදුවිය හැකි බවට ආචාර්ය චෙන් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි