Press "Enter" to skip to content

සිසුවියගේ හිරිඔතප් බිඳින්න ගිය සිසුවා මාට්ටු

බාලවයස්කාරියට නිල් චිත්‍රපට පෙන්නලා කරන්න ගිය අපරාධය

16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියකගේ ජංගම දුරකතනයට අසභ්‍ය විඩියෝ දර්ශන යවන ලද පාසල් සිසුවෙකු ඔක්තෝබර් 13 වන දින දක්වා කිතුලම්පිටිය රැඳවුම් ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය ඊයේ (29) නියෝග කලාය.

මෙසේ රැඳවුම් ළමා නිවාසයේ රඳවා තැබිමට නියෝග කරනු ලැබුවේ හබරාදුව පොලිස් වසමේ පදිංචි 16 හැවිරිදි සිසුවෙකි.

අක්මිමණ පොලිස් වසමේ පදිංචි 16 හැවිරිදි සිසුවියක් තමාගේ ජංගම දුරකතනයට කිසිවෙකු විසින් අසභ්‍ය විඩියො දර්ශණ එවා ඇති බවට මව්පියන් සමග ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට  ඉකුත් ජූලි මාසයේ  පැමිණිල්ලක්  කර ඇත.

ඒ අනුව ජූලි මස පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම සිද්ධියට අදාල ජංගම දුරකතනයේ ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනිමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ නියෝග අනුව ලබාගත් දුරකථන වාර්තා විශ්ලේෂණයකින් පසු කරන ලද දිර්ඝ විමර්ශනයකින් පසු ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂිකා ඒ.අල්ගෙවත්ත, කාන්තා උප පොලිස් පරික්ෂිකා ජයදේව, කාන්තා සැරයන් ජයමාලි(1396), සැරයන් ප්‍රියන්ත(54511), කොස්තාපල් සංජිව සම්පත් කුමාර(15521), කාන්තා කොස්තාපල් සඳමාලි (7633) යන මහත්ම මහත්මින් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

More from GossipMore posts in Gossip »