රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගතය පාලනය සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබුණද පෙර පරිදි දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් ඉදිරි කාල සිමාව තවදුරටත් තිරණාත්මක විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“පසුගිය මාස දෙකක විතර කාලයක් ජනතාව සාපෙක්ෂ්ව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවිමක් සෑහෙන දුරට අපි දැක්කා. ඒවායේ ප්‍රතිඵලයක් විදිහට අපිට මේ යම් සාර්ථකත්වයක් ළගා කරගන්න පුළුවත් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒකෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි ඒකෙන් අදහස් වන්නේ නැහැ දැන් අපිට ආයේ සම්පුර්ණ ඒවායෙන් බැහැර වෙන්න පුළුවන් කියලා. දෛනික රෝගින් දාහක් විතර වාර්තා වෙනවා කියන්නේ තවමත් ඇති ඒ මට්ටමේ ඉදන් ඒක ඉදිරියට යන්න. මේක කළමනාකරණය නොකළහොත් ඉදිරියට දැඩි අවදානමක් පවතිනවා”
Published in Health