Press "Enter" to skip to content

යොහානි පැය 12කින් යූටියුබ් වාර්තා කණපිට පෙරළයි

යොහානිගේ අලුත්ම එකත් ට්‍රෙන්ඩිං අංක එකට

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි විසින් බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රථමවරට ගායනා කළ තේමා ගීතය යූටියුබ් හි ට්‍රෙන්ඩිං අංක එකට පත්ව තිබේ.

ඒ, ෂිද්දත් (Shiddat)’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ කාන්තා අනුවාදනය(Female Version)ය වේ.

එම ගීතය යූටියුබ් වෙබ් අඩවියට එක්කර පැය 12ක් තුළ නැරඹුම්වාර මිලියනය පසු කිරීම විශේෂත්වයකි.

Yohani – Shiddat Title Track (Official Female Version) | Manan Bhardwaj ගීතය මේ වන විට නරඹා ඇති සංඛ්‍යාව 1,871,804ක් වේ.

මේ අතර යොහානි විසින් ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.