Press "Enter" to skip to content

සහල් මිල පාලනය ඩඩ්ලි සිරිසේනලා අතට ගනී: අලුත් ම සහල් මිල ගණන් මෙන්න

සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඇතුළත් ගැසට් පත්‍රය රජය අහෝසි කළ ද, සහල් සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට මහා පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පියවර ගත්තේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඩඩ්ලි සිරිසේන මහතා සහල් සඳහා වන නව උපරිම සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් කළේය.

එම මිල ගණන් මෙසේය.

නාඩු සහල් කිලෝග්‍රෑම් 1 = රු. 115.00

සම්බා සහල් කිලෝග්‍රෑම් 1 = රු. 140.00

කීරි සම්බා කිලෝග්‍රෑම් 1 = රු. 165.00

ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළේ, තත්ත්වයෙන් උසස් ම සහල් සඳහා මෙම මිල ගණන් නියම කර ඇති බවය.

මේ අතර, වී සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

නාඩු වී කිලෝග්‍රෑම් 1 = රු. 62.50

සම්බා වී කිලෝග්‍රෑම් 1 = රු. 70.00

කීරි සම්බා කිලෝග්‍රෑම් 1 = රු. 80.00

More from GossipMore posts in Gossip »