Press "Enter" to skip to content

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් පත්‍රය රජය හකුලා ගනී

සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය ඉවත් කර ගැනීමට රජය තීරණය කර තිබේ.

අද (සැප්. 27) පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත්තේ, උපරිම සිල්ලර මිල නියම කිරීම වෙනුවට සහල් ආනයනය කිරීම සඳහා පියවර ගැනීමටය.

සුදු හා රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 95ක්, සුදු හා රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 98ක්, සුදු හා රතු කැකුළු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 103ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් සැප්තැම්බර් 2 වන දා රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී.

අදාළ ගැසට් පත්‍රය මගින් කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබිණි.

කෙසේ වෙතත්, අදාළ උපරිම සිල්ලර මිල ගණන්වලට සහල් මිලදී ගැනීමට වෙළෙඳපොළේ නොතිබුණු බවට පාරිභෝගිකයෝ මැසිවිලි නැගූහ.

More from GossipMore posts in Gossip »