Press "Enter" to skip to content

යොහානි බොලිවුඩ් සිනමාවේ පසුබිම් ගායනයට පිවිසෙයි: ඇගේ පළමු බොලිවුඩ් ගීතය මෙන්න (VIDEO)

සතීෂාන් රත්නායක විසින් නිර්මාණය කරන ලද ‘මැණිකේ මගේ හිතේ ” ප්‍රතිගායනා කිරීමෙන් පසුව ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයක් හිමි කර ගත් ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ප්‍රථම වරට  බොලිවුඩ්  චිත්‍රපට පසුබිම් ගායනයට එක්ව තිබේ.

ඉන්දියාවේ පළමු පෙළේ සංගීත හා චිත්‍රපට නිෂ්පාදන සමාගමක්  ලෙස සැලකෙන ටී- සීරිස් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද, කුනාල් දේශ්මුක් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ නමැති හින්දි චිත්‍රපටයේ  නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් ඇය බොලිවුඩ් චිත්‍රපට ගායනයට පිවිසියාය.

එම ගීතයේ වීඩියෝව  යූ ටියුබ් ඔස්සේ  එළිදැක්විණි.

සිය යූ ටියුබ් චැනලය හරහා අද  (28) දහවල් මෙම හින්දි චිත්‍රපට පසුබිම් ගීතය ඉන්ටර්නෙට් වෙත මුදා හැරිණි.

ෂිද්දත් හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතය ටී සිරීස් ආයතනය ද සිය නිල යූ ටියුබ් චැනලය ඔස්සේ නිකුත් කර තිබිණි.

මෙම ගීතය ඇතුළත් ෂිද්දත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ඔක්තෝබර් 01 වන දා සිට තිරගත කිරීමට නියමිතය.

මේ අතර, හෙට( 30 ) සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ ගුරුග්‍රාම් සහ හයිද්‍රාබාද්හිදී යොහානි ද සිල්වාගේ සංගීත ප්‍රසංග දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුණේ, හෙට  ගුරුග්‍රාම්හි ස්ටූඩියෝ එක්ස් හිදීත්, ඔක්තෝබර් 03 වන දා හයිද්‍රාබාද්හි අවහන්හලකදීත් මෙම සංගීත ප්‍රසංග දෙක පැවත්වෙන බවය.

More from GossipMore posts in Gossip »