Press "Enter" to skip to content

ළමුන්ට හා නව යොවුන්වියේ පසුවන්නනට සාර්ථක එන්නතක් චීනයෙන්

චීනය නිෂ්පාදනය කළ තවත් කොවිඩ් 19 එන්නතක් වන කැන්සිනොබයෝ එන්නත දරුවන් හා නව යොවුන්වියේ පසුවන අය සඳහා ඉහළ ප්‍රතිෂක්තියක් හා ආරක්ෂාව ලබාදෙන බවට තහවුරු වී තිබේ.

කැන්සිනෝබයෝ සිය නිල වීචැට් ගිණුම ඉරිදා ප්‍රකාශ කළේ සිය කෝවිඩ් -19 එන්නතෙහි මිලි ලීටර් 0.3 වයස අවුරුදු 6-17 අතර අය සඳහා මෙන්ම වැඩිහිටියන් සඳහා මිලි ලීටර් 0.5 ක් – ලබාදීම හරහා එන්නත ලබාගත් අයගේ ඉහළ ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ඇති කළ බවයි.

430 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම අත්හදා බැලීම සිදුකර තිබේ. ඒ අනුව එක් මාත්‍රාවකින් සමන්විත මෙම කොවිඩ් එන්නත අවුරුදු 6-17 අතර ළමුන් හා නව යොවුන් වියේ දරුවන් තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති කළ හැකි නිගමනය කර තිබේ.‍

මේ දක්වා, චීනය බාලවයස්කරුවන් සඳහා අක්රිය කළ COVID-19 එන්නත් තුනක් අනුමත කර ඇත. ඒ සිනෝෆාම්  සමාගම නිපදවූ එන්නත් දෙකක් හා සිනෝවැක් නිපදවූ එක් එන්නතක් වශයෙනි.

මේ වන විට චීනයේ එන්නත් ලබා දෙනු ලබන්නේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ට පමණි. සැප්තැම්බර් 15 දා වන විට චීනයේ අවුරුදු 12 ත් 17 ත් අතර ළමුන් මිලියන 95.3 කට පමණ එන්නත් මාත්‍රා මිලියන 170 ක් පමණ ලබාදී තිබේ.