Press "Enter" to skip to content

වයස අවුරුදු 12ක දැරියක් පෙම්වතුන් දෙදෙනකුගෙන් අපයෝජනයට ලක්වෙයි

වයස අවරුදු 71 සියා දැරියකුට කල අපරාධය

වයස අවුරුදු 12ක දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ පෙම්වතුන් දෙදෙනකු හා වසර කිහිපයකට මත්තෙන් එම දැරිය අපයෝජනය කළ 71 හැවිරිදි අයෙක් අද (28 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග නියම කළාය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ දංකොටුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පෙම්වතා හා පෙර හාදකම් පැවැත්වූ බව කියන පන්නල, හියවල පදිංචි 21 හැවිරිදි අයෙකි. කාලයකට ඉහතදී දැරිය අපයෝජනයට ලක් කළ බව කියමින් ලබාදී තිබූ ප්‍රකාශ අනුව 71 වියැති හියවල ප්‍රදේශයේම සැකකරුවෙකුද ඒ සමගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පැමිණිලිකාර දැරියගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය පරිවාස භාරයට යොමු කරන ලෙසට පන්නල පොලිසියෙන් කළ ඉල්ලීමද පිළිගෙන මහෙස්ත්‍රාත්වරිය දැරිය මීගහකොටුව ළමා නිවාසයට යොමු කරවීමට කටයුතු කළාය.

More from GossipMore posts in Gossip »