Press "Enter" to skip to content

රූමත් තරුණියන් සිහි නැති කර දූෂණය කරලා

බණ්ඩාරවෙළ නගරයේ උපස්ථායක සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් එහි සේවයට පැමිණෙන රුමත් තරුණියන් සිහිමුජාවට ලක්කර දුෂණයට ලක්කර තිබෙන  බව කියන එම ආයතනයේ හිමිකරු අද (27දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම ආයතනයේ සේවයේ යෙදී සිටි ප්‍රදේශයේම පදිංචි රුමත් තරුණියන් දෙදෙනෙකුගේ නාසයට දියරයක් ඉසීමෙන් පසු ඔවුන් දෙදෙනා සිහි මුජ්ජාවට ලක්වීමෙන් පසු දෙවතාවකදි දුෂණයට ලක් කළ බවට තරුණියන්ගෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබීමෙන් පසු සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

නගරයේ පවත්වාගෙන යන උපස්ථායක සේවා මධ්‍යස්ථානයට රැකියාවන් සඳහා පැමිණෙන රුමත් තරුණියන් විශාල පිරිසක් මේ වන විට දුෂණයට ලක්කර තිබෙන බවට පැමිණිලි ලැබී තිබෙන බව  පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් බණ්ඩාරවෙළ ප්‍රදේශයේ පදිංචි 46 වයසති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රසන්න පද්මසිරි

More from GossipMore posts in Gossip »