Press "Enter" to skip to content

ඩොලර් වලින් බදු ගෙවන්න පුලුවන් අයට වාහන ගෙන්වන්න අවසර

මහා බැංකු අධිපති වාහන ප්‍රශ්නේ විසදන්න අමුතු යෝජනාවක් කරයි

ඇමෙරිකානු ඩොලර් වලින් බදු මුදල් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව විදේශයන් හි ඇමෙරිකානු ඩොලර් වලින් වාහන මිලදී ගෙන, එම වාහනය සදහා ශ්‍රී ලංකාවේදි ගෙවිය යුතු බදු මුදල් ඇමෙරිකානු ඩොලර් වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට ඉදිරියේදී වාහන ගෙන්වා ගැනීමට අවසර ලැබෙනු ඇති.

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සලකා බැලීමට නියමිත බව මහ බැංකු ආරංචි මාර්ග සදහන් කරයි.

source – aruna.lk

More from GossipMore posts in Gossip »