රට විවෘත කරන්නේ නම් එය ක්‍රමානූකූලව සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.
“අද යම් ආකාරයකට මේ රෝගී තත්ත්වය යම් පාලනයකට ගෙනල්ලා තියෙන මොහොතක ගිය වතාවෙත් අපි හොඳට ම දැක්කා පළවෙනි කඩා වැටීම ආරම්භ වුණේ මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගත් එක්ක ඒ කඩා වැටීම ම නැවත ආරම්භ කිරීමට මේක සංවිධානය කරන අය සහ මේකට සහභාගි වෙන අය සියලු දෙනාගෙ ම වගකීමකින් යුතුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. රෝගීන්ගේ අඩුවීම ඉතාමත් සැලකිය යුතු අඩුවීමක් තියනවා ඊයේ දිනයේත් දාහක් ඉක්මවලා තියනවා තවමත් දාහ ඉක්මවලා වාර්තා වෙනවා කියන්නේ සියයට සියයක් සෑහීමකට පත්වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේ ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වෙනවා. යම් ආකාරයකට රට විවෘත කළත් ක්‍රමනූකූලව තමයි ඒක කළ යුත්තේ. එසේ කලත් මේ රෝගය බෝවීමට තියන ඉඩකඩ අවම වෙන ලෙස හැසිරීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. අපි රෝගය පැතිරෙන ආකාරයට වැඩ කළොත් ප්‍රතිඵල ලැබෙන්නේ, තවත් දවස් 14 ක් විතර ගියාට පස්සේ එතකොට අපට ප්‍රමාද වැඩියි.”
Published in Health