Press "Enter" to skip to content

ගෙදර වැඩට පැමිණි පෙදරේරුවා බාලවයස්කාර දැරියව පැහැරගනී

පෙදරේරු රැකියාවක් සඳහා නිවසකට පැමිණ පුද්ගලයෙකු එම නිවසේ සිටි බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් ඇති සිද්ධියක් වෙන්නප්පුවෙන් වාර්තා වෙයි.

සැකකරු විසින් පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 14ක දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි සැකකාර පුද්ගලයාව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව – බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

දැරියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.