Press "Enter" to skip to content

වෛරසය 100%ක් වාතයට ඇතුළු වෙයි – කොවිඩ් ගැන අහපු භයානකම කතාව

අලුත් කෝවිඩ් ව්‍යාප්තිය ගැන ඇමරිකාවෙන් ඇඟහිරිවැටෙන අනාවරණයක්

කොරෝනා නව ප්‍රභේද වඩා වේගයෙන් වාතය මගින් පැතිරෙන බව ඇමෙරිකාවේ අධ්‍යනයක් මගින් තහවුරු වී ඇත.

ඇල්ෆා ප්‍රභේදය ආසාදිත රෝගීන් මුල් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට වඩා 43 ගුණයේ සිට 100 ගුණයක් දක්වා වෛරසය වාතයට මුදා හරින බව මෙම පර්යේෂණය මගින් හෙළි වී ඇත.

ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පාසල විසින් මෙම අධ්‍යනය සිදු කර ඇත.

වෛරසය ආසාදිත රෝගීන් නිසිලෙස මුව ආවරණ පැළදීම මගින් වාතය තුළ පවතින වෛරස් අංශු ප්‍රමාණය 50% කින් අවම කළ හැකි බව පරියේෂකයින් වැඩි දුරටත් පෙන්වා දී ඇත.