වරාය තුළ සිරවී ඇති සියලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වහා නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
අද සූම් ඔස්සේ පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ නියෝගය කර ඇත.
ඒ අනුව, නිදහස් කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
මේ අතර, සීනි, කිරිපිටි, ගෑස් ඇතුළු භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට ද මෙහිදී එකඟ වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Published in Political
More from PoliticalMore posts in Political »