Press "Enter" to skip to content

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස අවුරුදු 18ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කළ මට වසරේ මාස 12ක්ම ගමන් මල්ලක් වගේ ජීවත් වීමට අවශ්‍ය නෑ

තමන් ඉන්දිය ජාතික ක්‍රිකට් පුහුණකරු ධුරය ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ධුරය බාර ගැනීමට සුදානමින් සිටින බවට ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත විසින් පළ කළ පුවත මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කරයි

පුහුණකරු ධුරය පිළිබද ස්කයි ස්පෝර්ට්ස් වෙත අදහස් දැක් වූ මහේල කියා සිටියේ

“ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස අවුරුදු 18ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කළ මට වසරේ මාස 12ක්ම ගමන් මල්ලක් වගේ ජීවත් වීමට අවශ්‍ය නෑ. මේ තනතුර මුල් කාලයේ මට හොඳ අභියෝගයක්.

ඒත් පවුල සමඟ නිවෙසේ ජීවත් වීමට මගේ පෞද්ගලික කාලය යොමු කළ යුතුයි. උපදේශකයකු වශයෙන් ශ්‍රී ලංකාවට යම් උදවුවක් කිරීමට ලැබීම ගැනත් මම සතුටු වනවා. එහෙත් ඒකත් පූර්ණ කාලීනව නොවෙයි” මහේල ජයවර්ධන මහතා ස්කයි ස්පෝර්ට්ස් වෙත පැවසු බව ඉන්දීය වාර්තාවල සදහන් විය.

source -dinamina