Press "Enter" to skip to content

බඩේ අමාරුවෙන් මිය ගිය 15 හැවිරිදි මල් කැකුළට පොසිටිව්

රෝහල් ගත කර පැය කීපයකින් දැරිය මිය ගිහින්

උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ 15 වියැති දැරියක් පැය කීපයකට පසු මිය ගොස් ඇති අතර පසුව කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ හල්වතුර නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි සඳමිණි නෙත්සරණී නමැති දැරියකි. ඇය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියකි.

උදරයේ ඇති වූ අපහසුතාවක් නිසා ඊයේ (22) දහවල් 12 ට පමණ දැරිය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

More from GossipMore posts in Gossip »