රෝහල් ගත කර පැය කීපයකින් දැරිය මිය ගිහින්
උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ 15 වියැති දැරියක් පැය කීපයකට පසු මිය ගොස් ඇති අතර පසුව කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ හල්වතුර නිවාස යෝජනා ක්රමයේ පදිංචිව සිටි සඳමිණි නෙත්සරණී නමැති දැරියකි. ඇය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියකි.
උදරයේ ඇති වූ අපහසුතාවක් නිසා ඊයේ (22) දහවල් 12 ට පමණ දැරිය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.






