දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සහේලි කිව්වම නොදන්න කෙනෙක් නැහැ. දෙරණ අවුරුදු කුමරිය ලෙස 2018 වසරේදී වසරේ දී නිර්දේශ වූ ඇය සිය ප්‍රථම ටෙලි අත්දැකීම ලෙස දෙවැනි ඉනිමට සහභාගී වී සුවහසක් තරුණ තරුණියන්ගේ ආදරය දිනා ගත්තා. සිය ප්‍රථම ටෙලි නාට්‍යයෙන්ම මෙවන් ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය නොඅඩුව දිනා ගැනීමට ඇයට වරම් හිමි වන්නේ ඇයගේ රංගන කුසලතාවය නිසාමයි. ඉතින් ඇය නමින් ඉමාෂා සෙනෙවිරත්න. ඇය උපත ලබන්නේ බදුල්ල ප්‍රදේශයෙන්. පාසල් අධ්‍යාපනය ලබන්නේ බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලයෙන්. ඉන්පසු ඇය උසස් අධ්‍යාපනය සඳහා මහනුවර බාලිකා විදුහලකටත් පසුව කොළඹ විශ්ව විද්‍යාලයකටත් ඇතුලත් වෙලා උපාධියක් හදාරනවා. ඉතින් මේ සහේලිගේ මව ගුරුවරියක් ඒ වගේම පියා ඉංජීනේරුවරයෙක් හැටියට තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. සහේලි සිය ප්‍රථම ටෙලි නාට්‍ය අත්දැකීම ගැන පවසන්නේ මේ වගේ දෙයක්.
“මුලින්ම මම ස්තූතිවන්ත වෙන්න ඕනි දෙරණ නාලිකාවට. මොකද මම මේ කලා ක්ෂේත්රයට එන්නේ 2018 වසරේදී දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවාට පසුයි. දෙවැනි ඉනිම කියලා කියන්නේ මගේ පළමු ටෙලි අත්දැකීම. ඉතාම කෙටි කාලයක් තුළදී විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්නට මට හැකි වුණා. ඒක ගැන ඇත්තටම දැනෙන්නේ කියා ගන්න බැරි සතුටක්. මගේ පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ. මම රංගනයට කැමැතියි. නමුත් ඒ ක්ෂේත්රයෙන් ගොඩක් දුර යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මොකද මගේ පශ්චාත් උපාධියේ කටයුතු නිම කරන්න තියෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම සිනමාවට රංගන දායකත්වය ලබා දීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා.”
ඉතින් අද වෙද්දී ඇය රංගනය පමණක් නොවෙයි නිරුපන ක්ෂේත්රයේද සිය වැඩ කටයුතු කර ගනිමින් සිටිනවා. මේ දිනවල දී ඇය දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයෙන් දකින්නට ලැබෙන්නේ නැහැ. පිළිබඳව ඇය පවසා සිටියේ මේ පවතින තත්වය එක්ක රංගන කටයුතු වලට දායක වීමට මඳක් ප්‍රමාද කලා යනුවෙනි. නමුත් තමාට ඉඩ ලැබෙන අවස්ථාවලදී රංගන දායකත්වය ලබා දීමට ඇය කැමැත්තක් දක්වන බව ද වැඩිදුරටත් කියා සිටියා.






