යූ ටියුබ් ඔස්සේ කෝටි 11 කට වැඩි වාර ගණනක් නරඹා ඇති ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ඔස්සේ ලංකාවේ පමණක් නොව ලොවපුරාම ජනප්‍රිය වූ යොහානි ද සිල්වා, ඉන්දියාවේ ප්‍රසංග දෙකක් පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව, මෙම ප්‍රසංග සැප්තැම්බර් 30දා නවදිල්ලියට ආසන්නව පිහිටි ගුරුග්‍රාම් නගරයේ ඇති Studio XO හිදී හා ඔක්තෝබර් 03දා හයිදෙරාබාද් හි ගාචිබෝලි ප්‍රදේශයේ පිහිටි හාට් කප් කැෆේ හි දී පැවැත්වේ.
Supermoon #NowTrending ලෙස නම් කර ඇති මෙම ප්‍රසංග පවත්වන්නේ Supermoon හි බුද්ධිමය දේපළ හිමි Zee Entertainment සමාගමේ Zee Live අංශය විසිනි.
මේ සම්බන්ධයෙන් යොහානි විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති අතර, ඇය කියා සිටියේ සිය රසිකරසිකාවියන් වෙනුවෙන් සජීවී ව ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට හා ඔවුන් සමග හමුවී කතාබහ කිරීමට හැකිවීමත් පිළිබඳව ඉමහත් සතුටට පත්වන බවයි.
මේ වන විට සති 6ක් පුරාවට YouTube Global හි ජනප්‍රියතම ගී දහයට එක්ව තිබෙන ‘මැණිකේ මගේ හිතේ’ ගීය මේ සතියේ සත්වැනි ස්ථානයේ පසුවෙයි.






