සිසු සිසුවියන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා ප්‍රකාශ කළේ, එම මාර්ගෝපදේශ අද (සැප්. 21) අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාට ලබාදුන් බවය.
අවුරුදු 12ට අඩු දරුවන්ට කොවිඩ් එන්නත ලබා නොදෙන බව සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, එන්නත් ලබා නොදුන්න ද පාසල් විවෘත කිරීමට සිදු වන බවය.
“අපේ නිර්දේශය ලබා දුන්නේ, ළමුන් 200ට අඩු පාසල්වල පළමු පන්ති ටික ඉස්සෙල්ලා, ඊට පස්සේ 200ට අඩු ඉන්න පාසල්වල අනිත් පන්ති ටික විවෘත කරලා ඊට පස්සේ ක්‍රමවේදයක් අනුව තමයි ඔවුන්ට නිර්දේශය ලබා දුන්නේ.”






