Press "Enter" to skip to content

පහළොස් හැවිරිදි දැරියක් සමග මාස තුනක් පවුල් කෑ අමනයා අත්අඩංගුවට

පහළොස් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට මාස තුනක් අඹුකමට තබාගත් 27 හැවිරිදි පුද්ගලයකු දීපංගොඩදී මත්තෙගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමග අත්අඩංගුවට ගත් පාසල් දැරිය මීට පෙර සිය පියාගේ හා මාමාවරුන් දෙදෙනකුගේ සහ ති‍්‍රරෝද රථ රියැදුරුකුගේ අතවරයට ලක්ව මාස 18 ක් පරිවාස භාරයේ සිට පැමිණ සිටි බවද පොලිසිය සඳහන් කරයි.

දැරිය එලෙස පරිවාස භාරයේ සිටියදී හඳුනාගත් මිතුරියක් මාර්ගයෙන් ලබාගත් දුරකථන අංකයක් හරහා සැකකරු හඳුනාගෙන තිබෙන අතර රත්නපුර අයගම ප‍්‍රදේශයේ පදිංචි දැරිය තම ගම් ප‍්‍රදේශයේ ඇතැම් පුද්ගලයන්ගෙන් තමන්ට ලිංගික හිරිහැර සිදුවන බව දුරකථන මගින් හඳුනාගත් පුද්ගලයාට දැනුම් දී තිබේ. පසුව සැකකරු දුරකථන මගින් දැරියට දැනුම් දී ඇත්තේ තමා සේවය කරන මත්තෙගොඩ දීපංගොඩ ඉන්ධන පිරවුම්හල වෙත පමිණෙන ලෙසය.

එම දැනුම් දීමට අනුව පසුගිය ජුනි 16 වැනිදා දැරිය පැමිණ තිබෙන අතර සැකකරු දීපගොඩ කුලී නිවසක ලැඟුම් ගනිමින් අඹුසැමියන් ලෙස කල් ගෙවා ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව මත්තේගොඩ පොලිසිය පවසයි.

පොලිස් භාරයට පත් දැරිය පරීක්‍ෂණ සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකර තිබෙන අතර සැකකරු කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත උ.පො.ප. ලියනගේ, පො.සැ. (62371) සරත්, පො.කො. (76300) පෙරේරා, කා.පො.කො. (8065) ගයානි ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.

ඇන්ටන් ප‍්‍රනාන්දු

More from GossipMore posts in Gossip »