Press "Enter" to skip to content

මං අතින් අතට යන කෙල්ලෙක් නොවේ ලොහාන් එල්ලුම්ගහ බලන්න ගිය දවසේ මං හිටියේ මාතර – පුෂ්පිකා

ඇමති ලොහාන් රත්වත්තේ මහතා සමඟ තමන් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස බලන්න ගියා යැයි එල්ලවන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

අදාල සිදුවූ දිනයේ තමන් කොලඹ නොසිටි බවත් තමන් සිටියේ මාතර බවත් එය අධිවේගී මාර්ගයේ කැමරා දර්ශන පරීක්ෂා කිරීමන් තහවුරු කර ගත හැකි බවද ඇය කියා සිටි.

තමනට විරුද්ධව ප‍්‍රබල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් පවසන ඇය මෙවන් අපරාධ කිසිවකුට නොකරන ලෙසද ඉල්ලා සිටියාය.

තමන් අතින් අතට යන කෙල්ලෙක් නොවන බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

More from GossipMore posts in Gossip »