යොහානි අප දෙරටේ නවතම සංස්කෘතික තානාපතිනියයි
ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසයි.
යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ එන්ඩීටීවී(NDTV) ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් මේ බව පවසා ඇත. එම පණිවිඩවල මෙසේද සඳහන් වේ.






