හෝටලයක මුරකරුවෙකුට අත්වූ ඉරණම
ගාල්ල – මාතර ප්රධාන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරු පැදිය ධාවනය කරමින් සිටියදිම අද (20) උදේ මිහිරිපැන්න ප්රදේශයේදි මියගොස් පාරට වැටි ඇතැයි හබරාදුව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇති පුද්ගලයා වඳුරඹ මාබොටුවන මාගෙදරවත්ත පදිංචි 59 හැවිරිදි අය බවට හඳුනාගෙන ඇත්තේ.
මියගිය අය එම ප්රදේශයේ හෝටලයක මුරකරුවෙකු ලෙස සේවය කරන බවත් ඔහු හෘදයාබාධයකින් පෙලන අයෙකු බවට අනාවරණයවි තිබේ
අද (20) උදේ ඔහු යතුරු පැදියෙන් හබරාදුව සිට ගාල්ල දෙසට යමික් සිටියදි යතුරු පැදිය මතදිම මියගොස් වැටි ඇති බවත් පොලිසිය පවසයි.
පොලිසිය පැමිණ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙනයන ලද අතර හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.






