“කරුණාකරලා ඒ දේ කරන්න එපා..!!”
තමිල්නාඩුවේ ග්‍රාමීය පළාත් පාලන මැතිවරණය ඔක්තෝම්බ්ර් 6 සහ 9 යන දෙදින තුළ පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.
මෙවර මැතිවරණය සඳහා කොලිවුඩයේ සුපිරි නළු තලපති විජෙයි ගේ ජනතා ව්‍යාපාරය ද තරග කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙය සිදු වන්නේ, විජෙයිගේ අනුදැනුමක් නොමැතිව වන අතර, විජෙයි තමන්ගේ නම භාවිතා නොකර ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වන්නැයි, ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ.
මෙම ජනතා ව්‍යාපාරයේ 128 දෙනෙකු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව සඳහන්.
කෙසේ වෙතත් විජෙයි ඔහුගේ නම හෝ ඔහුගේ රසික සමාජයේ නම භාවිතා කිරීම තහනම් කරන ලෙස ඉල්ලා, ඔහුගේ පියා සහ මව ඇතුළු 11 දෙනෙකුට එරෙහිව චෙන්නායි සිවිල් උසාවියේ නඩු පවරා තිබෙනවා.
නඩුව මේ මස අගදී නැවත කැඳවනු ඇති.






