Press "Enter" to skip to content

දෙරණට එරෙහිව පුෂ්පිකා නීතිය හමුවට

පසුගිය කාලයේ මෙරට දැඩි ආන්දෝලනයකට තුඩු දුන් විවාහක රූ රැජින කිරුළේ හිමිකාරීත්වය ලබාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් ඇයට එල්ල වෙන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා.

පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සමඟ ගිය පිරිස අතර මෙරට විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිටි බවට මෙහිදී චෝදනා එල්ල වුණා.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සම්බන්ධව මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා සිටියේ එම චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බවයි.

මේ වන විට බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට වන චෝදනා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පිළිගෙන සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ සම්බන්ධ පුවත විකාශය වීමේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ජායාරූපය දෙරණ නාලිකාවේ රාත්‍රී 6.55 ප්‍රවෘත්ති විකාශයේදී පළ කිරීම සම්බන්ධයෙන් ඇය එම නාලිකාවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා.

More from GossipMore posts in Gossip »